Thursday, June 23, 2011

SETTdeco යුනිකේත විකේතකය

SETTdeco යුනිකේත විකේතකය යනු ඔබේ සිංහල බ්ලොග් අඩවියට හෝ වෙබ් අඩවියට එක් කර ගත හැකි වෙබ් විජෙට්ටුවකි.මෙම විජෙට්ටුව ඔබ ඔබේ අඩවියට එක් කරගත් පසු, යම් පාඨකයෙක් ඔබේ අඩවියට පිවිසෙන විටම ඔහුගේ හෝ ඇයගේ පරිගණකයේ සිංහල යුනිකේත සහය තිබේද නැද්ද යන්න SETTdeco යුනිකේත විකේතකයෙන් පරීක්ෂා කර හඳුනා ගනු ලබයි.ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය ඇති බවට හඳුනාගනු ලැබුණහොත් SETTdeco විකේතකයෙන් කිසිඳු කාර්යයක් සිදුනොවෙයි. නමුත් ඔබේ පාඨකයාගේ පරිගණකයේ සිංහල සහය නොමැති බවට හඳුනාගනු ලැබුණහොත්, SETTdeco යුනිකේත විකේතකය මැදිහත් වී ඔබේ අඩවියේ ඇති සිංහල අන්තර්ගතයන් විකේතනය (decode) කර, නිසි ආකාරයෙන් එම අන්තර්ගතයන් ‍පෙන්වනු ලබයි.ඊට අමතරව, සිංහල සහය නොමැති පාඨකයන්ට ඔවුන්ගේ පරිගණකයේ සිංහල සහය නොමැති බව මෙමඟින් දැනුම් දෙන අතර, සිංහල යුනිකේත ස්ථාපනය කරගැනීම සඳහා අවශ්‍ය උපදෙස් වෙත ‍යොමු කරවීමද සිදු කරනු ලබයි.
වැඩි විස්තර හා Download කරගැනීමට


No comments:

Post a Comment