Thursday, June 23, 2011

හන්තාන ලිනක්ස්



හන්තාන යනු ඩෙස්ක්ටොප් හා ලැප්ටොප් පරිගණක උදෙසා ලිනක්ස් ( Linux ) පාදක කරගනිමින්, Fedora සම්මිශ්‍රණය කරමින් නිපදවූ මෙහෙයුම් පද්ධතියකි. සාමාන්‍ය PC එනම් i386 සහ x86_64 අකෘති වර්ගයේ පරිගණක සඳහා සැකසූ සජීව තැටියක (Live DVD) ස්වරූපයෙන් හන්තාන ඔබ වෙත එයි. දෘඪ තැටියෙහි ස්ථාපනය කිරීමට පළමු ව ඔබට කෙලින් ම මේ සජීව තැටිය මගින්, මෙම මෙහෙයුම් පද්ධතියේ සියලු පහසුකම් ක්‍රියාත්මක කර පිරික්සා බැලීමට පුළුවන.
Fedora වෙතින් ලැබෙන සියලු විශේෂ පහසුකම්වලින් සමන්විත හන්තාන, ඊට අමතර බහුමාධ්‍ය කේතක ගණනාවක් ද, එදිනෙදා භාවිතයට අවශ්‍ය යෙදුම් විශාල ප්‍රමාණයක් පෙරනිමියෙන් ම ඇතුළත් කරගනී. සැකෙවින් කියතොත්, හන්තාන ස්ථාපනය කළ සැණෙකින් ඔබේ කාර්යාලයීය, බහුමාධ්‍ය, ග්‍රැෆික්, අධ්‍යාපනික හා විනෝදාත්මක යන සියලු අංශවල අවශ්‍යතා සපුරාලීමෙයි සමත් වෙයි!
හන්තාන ඔබ අතට පත් වනුයේ සපුරා ම නොමිලේ හා නිදහස් ව බැවින් එය පිටපත් කිරීමට හා අන්‍යයන් සමග බෙදාහදාගැනීමට ඔබට සම්පූර්ණ නිදහස හිමි වේ. 

No comments:

Post a Comment